දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2024 අගෝස්තු කලාපය

පෝෂණ වගුව

එලවලු මාළු මස් බිත්තර

කපා පින්තුර සොයා පත්තර

කොහොම අලවා ලියමි උත්තර

රසක් ගුණයක් නොදැන විස්තර



අම්මට ලැබෙන සොච්චම් පඩියට

ලිප් ගලුත් රත්වෙයි ඉඳහිට

මඤ්ඤොක්කා බත් හෝ පාන් පිෂ්ඨයට

ලුණු ළූනු පොල්සම්බෝලෙ ප්‍රෝටීන හා මේදයට



ටීචර් ඇත්තම ඇත්ත ඕකයි

බඩගින්න කුරිරුයි වේදනාකාරියි

ඊයෙත් එකම වේලයි

බිංදුවයි ටොක්කයි දෙකම මාරයි
View Poem