අමිතා පද්මකුමාරි

2025 ජුනි කලාපය

පොසොන් සඳ

පොසොන් සඳ පායලා
අඹතලය දිදුලලා
මිහිඳු හිමි වඩිනවා
සැම සිතක් නිවාලා
දෙසු බුදුන් දම් පද
ගමින් ගම ගලාලා
තැවුල් සිත් සනසලා
පවින් මුදවා දනා
කුසල් සිත් උපදවා
රැව් දුන්න දෙරණ මත
අදත් ඒ සඳ පායලා
බුදු බණත් ඇසෙනවා
ඒත් අපි තව තවත්
භවයටම ඇලෙනවා
View Poem