පොසොන් දා
හිරුසඳු පවුරු වැනි විස්මිත දෑ නේක
අවිඅඳු රෙහි වෙලී පිදු මළ යුගයේක
සම්බුදු සුවඳ පතුරනු වස් හැමගේක
අනුබුදු මිහිඳු හිමි පිරිවර වැඩි සේක
----
ව්ල හෙල තුරු වදුලු නිති පණ ලැබුවේය
මිල කල නොහැකි දහමක සුව ගැලුවේය
කල එලැඹියෙන් රජු හිමිසඳ දුටුවේය
හෙළ සැහැටියාවෙහි ඇරඹුම හිමිවේය
---------
මිස්සක සිකර වපසරියෙහි අඹ වදුල
තිස් සය යන හඬින් කැලඹිණි පෙර එකල
ඇස් ඇදහිය නොහැකි දසුනක ගිර ඉහළ
විස්තර කෙසේ කියමුද රජු දුටු සිහල
-------
කෙලි සෙල්ලමට දඩයම් කළ යුගයක් ය
බලි බිලි යකුන් ඇදහූ ජන පිරිසක් ය
යළි පුබුදමින් ජාතිය වැඩු දවසක් ය
හෙළි කළ දහම් මඟ දැයටම මිහිරක් ය
------
ලෝහිත කඳුලු වගිරූ වන සතුන් නේ
ජීවිත සමග සෙල්ලම් කළ දනන්නේ
නෑහිත මිතුරු කම් යළි සිත් බැදෙන්නේ
සාහිත කලා මං පෙත් ඉන් වැඩෙන්නේ
-----
නුබ කුස සිඹින දාගැබ් ඉදි කෙරෙන්නේ
අසදුස සබද කම් නොවැ ඉන්බැදෙන්නේ
කිතුගොස දසත ව්හිදී දැයනැගෙන්නේ
නිදහස පොසොන් සඳ එළියෙන්පෙනෙන්නේ
----
බුදු ගුණ පොසොන් දා ව්හිදුණු පසුව රටේ
මියුගුණ දුටුව හෙළ වනිතා පිරිස වටේ
නිසි දින වරම් ලද පසු රට හතර තොටේ
රිසිතැන පවා ලැබුවේ ඉන් පසුය රටේ
-----
හදවත් සනසමින් මේ පුන් පොසොන් දිනේ
පින්වත් රටක අසිරිය සිවු දෙසින් පෙනේ
සුවඳත් හමන බුදුගුණ මුසු මිහිදු වනේ
අදටත් අමා සුව ගෙනදෙන බවක් දැනේ
==========================
කලාභූෂන කිවිපති
සාසනකීර්ති දේශාභිමානී
ඩබ්ලිව් .කේ. සරත් ව්මලසිරි
========================
2025/05/21
අවිඅඳු රෙහි වෙලී පිදු මළ යුගයේක
සම්බුදු සුවඳ පතුරනු වස් හැමගේක
අනුබුදු මිහිඳු හිමි පිරිවර වැඩි සේක
----
ව්ල හෙල තුරු වදුලු නිති පණ ලැබුවේය
මිල කල නොහැකි දහමක සුව ගැලුවේය
කල එලැඹියෙන් රජු හිමිසඳ දුටුවේය
හෙළ සැහැටියාවෙහි ඇරඹුම හිමිවේය
---------
මිස්සක සිකර වපසරියෙහි අඹ වදුල
තිස් සය යන හඬින් කැලඹිණි පෙර එකල
ඇස් ඇදහිය නොහැකි දසුනක ගිර ඉහළ
විස්තර කෙසේ කියමුද රජු දුටු සිහල
-------
කෙලි සෙල්ලමට දඩයම් කළ යුගයක් ය
බලි බිලි යකුන් ඇදහූ ජන පිරිසක් ය
යළි පුබුදමින් ජාතිය වැඩු දවසක් ය
හෙළි කළ දහම් මඟ දැයටම මිහිරක් ය
------
ලෝහිත කඳුලු වගිරූ වන සතුන් නේ
ජීවිත සමග සෙල්ලම් කළ දනන්නේ
නෑහිත මිතුරු කම් යළි සිත් බැදෙන්නේ
සාහිත කලා මං පෙත් ඉන් වැඩෙන්නේ
-----
නුබ කුස සිඹින දාගැබ් ඉදි කෙරෙන්නේ
අසදුස සබද කම් නොවැ ඉන්බැදෙන්නේ
කිතුගොස දසත ව්හිදී දැයනැගෙන්නේ
නිදහස පොසොන් සඳ එළියෙන්පෙනෙන්නේ
----
බුදු ගුණ පොසොන් දා ව්හිදුණු පසුව රටේ
මියුගුණ දුටුව හෙළ වනිතා පිරිස වටේ
නිසි දින වරම් ලද පසු රට හතර තොටේ
රිසිතැන පවා ලැබුවේ ඉන් පසුය රටේ
-----
හදවත් සනසමින් මේ පුන් පොසොන් දිනේ
පින්වත් රටක අසිරිය සිවු දෙසින් පෙනේ
සුවඳත් හමන බුදුගුණ මුසු මිහිදු වනේ
අදටත් අමා සුව ගෙනදෙන බවක් දැනේ
==========================
කලාභූෂන කිවිපති
සාසනකීර්ති දේශාභිමානී
ඩබ්ලිව් .කේ. සරත් ව්මලසිරි
========================
2025/05/21