සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

2024 අගෝස්තු කලාපය

පොරොන්දුව

විහිදෙයි කිරි සුවඳ මුළු මාලිගය පුරා
ඇවිලෙයි හදෙහි සෙනෙහස් ගිනි පබළු ලතා
කිම් අන් සැපත පුතුගේ මේ බොළඳ සිනා
ඉල්ලාපන් පුතේ මොනවද ඕනෙ කියා

කැරකී නටන සොඳ සුන්දර බෝනික්කෝ
ගී කිය කියා නටනා පොඩි බට්ටිච්චෝ
වේගෙන් එහෙ මෙහේ ඇදෙනා රථ පොඩ්ඩෝ
නොව අන් දෙයක් ඉල්ලමි මම හද බැන්දෝ

දැවෙනා සිතට නිවෙනා මග සොයාගෙනේ
ඒ මග ගොසින් දිලිසෙන මුතු පබළු වගේ
සොයලා උතුම් දායාදය විරිය ගෙනේ
ගෙනැවිත් දෙනවාද මාගේ පියාණනේ

දල්වා සඳ පහන් සිළු හද ගුවන අරා
නිම්මා නොමැති ගනඳුර හැර දමනු නියා
සම්මා සම්බුදුන් වෙන්නට පෙරුම් පුරා
නේරංජනාවෙන් සෙනෙහස ගලා ගියා



ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

Whats app - 0713527143
View Poem