පොඩ්ඩි ගෙදර වරෙන්..
පියන් දෙකෙන් වස වසා දූවිලි පාරේ
කදුළු දියෙන් තෙම තෙමා ඉර මද්දහනේ
පාට හැඩය අදුර එලිය අප දැකගත්තේ
උඹෙන් නිසයි ඇහැක්වගේ උඹ රැකගත්තේ
හිරිකඩවත් නොදැනෙන්නට හිඟ වරුසාවේ
පුපුරක්වත් නොපෙනෙන්න ට කුසගිනි මැලයේ
දා බිඳු උණුකර නාවා අප්පච්චී ගේ
කිරෙන් තැනූ මව් ලැමැදෙයි උඹ හැංගූවේ
කොතෙක් සුරංගනා කතා ඇතත් ලෝකයේ
කුමාරයෙක් ඇවිත් අසෙක් පිටින් දුරු රටේ
කුමාරියක් අරං ගියපු කතා නොකීවේ
උඹත් කුමරියක් නිසයි ඉලුක් මන්දිරේ
ලොකු ළමයෙක් උන දවසේ මුල්ලකට වැටී
මමත් දුවේ පිලේ උන්නෙ හුඟක් පාලුවේ
විටක් හප හපා රෑ තිස්සෙම හිතවූවේ
"කාට ද උඹ ලොකු - තාමත් හිච්චි එකී නේ "
කුකුළා ඇහැරෙන්න පමා වෙච්ච දිනක දී
වෙනදා මෙන් මිදුල ඇමදලා නෑ තිබුනේ
උඹේ අම්මා කොටහළු වී උඹ හිටි මුල්ලේ
උඹේ චීත්තෙන් වැහිලා ඇය ඉකිබින්දේ
කරාබු දෙක ලිග්ගල උඩ හාන්සි කරලා
අවුරුද්දට මහපු ගවුම ඇද උඩ නමලා
පබළු ඔලිද මාලය බුදුපහනට පුදලා
අම්මාගේ කොන්ඩ කටුව අතුරුදන් වෙලා
මොකුත් කතා නැතුව දෙවට දිගේ අපි ගියා
අජානේය කුර සලකුණු නියරෙත් හෙව්වා
කුමාරයෙක් ගේ මිරිවැඩි ලකුණක් බැලුවා
හොයාගන්න බැරිතැන දෙන්නම ඉකිගැහුවා
චතුර එම්. විමලරත්න (තාත්තා)
කදුළු දියෙන් තෙම තෙමා ඉර මද්දහනේ
පාට හැඩය අදුර එලිය අප දැකගත්තේ
උඹෙන් නිසයි ඇහැක්වගේ උඹ රැකගත්තේ
හිරිකඩවත් නොදැනෙන්නට හිඟ වරුසාවේ
පුපුරක්වත් නොපෙනෙන්න ට කුසගිනි මැලයේ
දා බිඳු උණුකර නාවා අප්පච්චී ගේ
කිරෙන් තැනූ මව් ලැමැදෙයි උඹ හැංගූවේ
කොතෙක් සුරංගනා කතා ඇතත් ලෝකයේ
කුමාරයෙක් ඇවිත් අසෙක් පිටින් දුරු රටේ
කුමාරියක් අරං ගියපු කතා නොකීවේ
උඹත් කුමරියක් නිසයි ඉලුක් මන්දිරේ
ලොකු ළමයෙක් උන දවසේ මුල්ලකට වැටී
මමත් දුවේ පිලේ උන්නෙ හුඟක් පාලුවේ
විටක් හප හපා රෑ තිස්සෙම හිතවූවේ
"කාට ද උඹ ලොකු - තාමත් හිච්චි එකී නේ "
කුකුළා ඇහැරෙන්න පමා වෙච්ච දිනක දී
වෙනදා මෙන් මිදුල ඇමදලා නෑ තිබුනේ
උඹේ අම්මා කොටහළු වී උඹ හිටි මුල්ලේ
උඹේ චීත්තෙන් වැහිලා ඇය ඉකිබින්දේ
කරාබු දෙක ලිග්ගල උඩ හාන්සි කරලා
අවුරුද්දට මහපු ගවුම ඇද උඩ නමලා
පබළු ඔලිද මාලය බුදුපහනට පුදලා
අම්මාගේ කොන්ඩ කටුව අතුරුදන් වෙලා
මොකුත් කතා නැතුව දෙවට දිගේ අපි ගියා
අජානේය කුර සලකුණු නියරෙත් හෙව්වා
කුමාරයෙක් ගේ මිරිවැඩි ලකුණක් බැලුවා
හොයාගන්න බැරිතැන දෙන්නම ඉකිගැහුවා
චතුර එම්. විමලරත්න (තාත්තා)