පුප්පං මිලායාති - කායෝ තථායාති
විසල් වැව් මැද පිපුණු සියපත්
වෙහෙර වට කඩ වීදි පුරවා
වැවේ පත්ලට ගෙවූ බිම් කුලි
උපයන්න පෙති ලන්සු තබලා
මලක මෙලෙකට නොවේ මිලකට
දහසකුත් මල් නිවන් දැකලා
එවන් සියපත් දෝත දරලා
දනෝ තුසිතෙන් ඉඩක් පතනා ......
මහා සුවිසල් ඉලක්කම්වල
බරට උසුලන මලින් පුදලා
සිව් කොනින් තූපයන් වට කොට
නේක පූජා රටා තබලා
ලෝක ධර්මය අනියතක් බව
පසක් කරමින් ගාථා කියලා
සැදැහැතුන් හිත නිවා ගත්තේ
මලක අසිරිය හිතේ රඳවා ......
මිලානව යන මලක සිරියෙන්
විඩාබර වන සැදැහැ සිත් ළඟ
විනාසව යන කයක අරුමැසි
අංශුවක්වත් ඉතිරි නොවුනට
බුදුන් වදහළ බණක බර අඩි
පරව යන මල් සමග ගුලිකොට
මහභිනිෂ්ක්‍රමණය කෙරෙව්වා
නේරංජාවෙන් එතෙර කරමින....
අලුබෝමුල්ල.
2025.05.31
Photo Credit;Jackie Tan
වෙහෙර වට කඩ වීදි පුරවා
වැවේ පත්ලට ගෙවූ බිම් කුලි
උපයන්න පෙති ලන්සු තබලා
මලක මෙලෙකට නොවේ මිලකට
දහසකුත් මල් නිවන් දැකලා
එවන් සියපත් දෝත දරලා
දනෝ තුසිතෙන් ඉඩක් පතනා ......
මහා සුවිසල් ඉලක්කම්වල
බරට උසුලන මලින් පුදලා
සිව් කොනින් තූපයන් වට කොට
නේක පූජා රටා තබලා
ලෝක ධර්මය අනියතක් බව
පසක් කරමින් ගාථා කියලා
සැදැහැතුන් හිත නිවා ගත්තේ
මලක අසිරිය හිතේ රඳවා ......
මිලානව යන මලක සිරියෙන්
විඩාබර වන සැදැහැ සිත් ළඟ
විනාසව යන කයක අරුමැසි
අංශුවක්වත් ඉතිරි නොවුනට
බුදුන් වදහළ බණක බර අඩි
පරව යන මල් සමග ගුලිකොට
මහභිනිෂ්ක්‍රමණය කෙරෙව්වා
නේරංජාවෙන් එතෙර කරමින....
අලුබෝමුල්ල.
2025.05.31
Photo Credit;Jackie Tan