පුතේ !!
මලක් වෙලා නුඹ පිපිලා අතුඅග මොනවට
ගුණ සුවදැති මලක් නොවී කිම පල මෙලොවට
සින්ධු තන්නට කලියෙන් මිහිපිට වට කොට
බින්දු බින්දු මල් වැස්සෙන් සනසන් මිහිකත
තරුවක් වී පායා විත් අහසේ උජාරුවට
ඒ එලියෙන් නුඹ පමණක් දිලිසෙයි මා පුතා
සඳක් වෙලා පායා විත් තරු පිරි අහසට
ඒ එළියෙන් ලොව සනසන් මගේ උතුම් පුත
චන්ඩි කමට දුව පැනලා වෙල් ඉපනැලි වල
ඇස් රතු කර ගන්න එපා දඟවැඩ කෙරුවට
පුංචි කටින් කිචි බිචි ගා කවි ගී කිව්වට
පුංචි සිතට බර වැඩි දෑ නොදොඩන් මා පුත.
ත්‍රිවීසෝ
ඉතාලිය
ගුණ සුවදැති මලක් නොවී කිම පල මෙලොවට
සින්ධු තන්නට කලියෙන් මිහිපිට වට කොට
බින්දු බින්දු මල් වැස්සෙන් සනසන් මිහිකත
තරුවක් වී පායා විත් අහසේ උජාරුවට
ඒ එලියෙන් නුඹ පමණක් දිලිසෙයි මා පුතා
සඳක් වෙලා පායා විත් තරු පිරි අහසට
ඒ එළියෙන් ලොව සනසන් මගේ උතුම් පුත
චන්ඩි කමට දුව පැනලා වෙල් ඉපනැලි වල
ඇස් රතු කර ගන්න එපා දඟවැඩ කෙරුවට
පුංචි කටින් කිචි බිචි ගා කවි ගී කිව්වට
පුංචි සිතට බර වැඩි දෑ නොදොඩන් මා පුත.
ත්‍රිවීසෝ
ඉතාලිය