යෂිකා විජේසිංහ

2022 මාර්තු කලාපය

පුතුට අම්මා ලියූ ලියුම.

නුඹට අප ගැන හිත යොමන්නට
තවත් කල් ඇත හිතුනට පුතේ..
පරවෙන්න පෙර මල් ගිලිහෙනා
නටු මෙලොව අපමණ තියේ..
ඒ දහම ගැන හොඳින් දන්නා
මට රිදුම් පුරුදුයි පුතේ..
මග හැරුන බව දැනී දවසක
හඬා වැටිලා පල නැතේ..

රළු තමයි මතු පිටින් පෙනුමට
මම තරම් නෑ මුදු වුනේ..
බිඳෙන තරමට සියුම් හදකුයි
ඒ රළු බවෙහි යට සැඟවුනේ..
නැවෙන බට ගහ විලස උන්නත්
දුක දරන් මම හැම දිනේ..
සුළං පහරත් දරනු බැරි වී
මහා ගස් මයි පෙරලුනේ..

හමුවෙනා අය එක්ක පවසන
පුතුගෙ වරුණෙට යට වෙමින්
හිතේ තෙරපෙන රිදුම් වල හැඩ
දැක්කෙ කවුරුද මම මිස වෙනින්..
එදා දුටු කිරි සිනා සිහි කර
විඳින විට අද සතුටක් හොයන්..
"තාත්තේ" කියා දිව විත්
වරක් ළය මත තුරුළු වෙන්..
View Poem