රංජනී කොස්තා වෙන්නප්පුව

2025 මැයි කලාපය

පිණිවැස්සක නිව්නෙමි

නුබ ගැබ සරසවයි මේකුළු
මත සරලා
රන් සඳපාන තරු කුමරියො
පිරිවරලා
වෑහෙන එළිය මිහිකත මත
තවරවලා
දරාණ මම හිඳිමි පිණිකැට
සීතළම වෙලා

හුළඟේ කිණිති පාවෙන මහ
රෑ යාමේ
රූසිරි මවන් මල්සුවඳක්
ආ වේලේ
මා වව්ලනු රෑ අහසේ
පා දෑලේ
තනි තරුවකුත් දුර ඈතක පෑ ආලේ

තවරා සුවඳ සේපාලික
මුදු මදපවන
දොරකඩ ඉඳන් ඉඟිමැරුවා
තව තතු නොදැන
රෑතුන්‍ යමේ නොනිදන නෙත් පියවී වැහුන
කාන්සියට තනිරැක්කා පිපි
බිම්මල්‍ රෑන

වියනක් බැඳන් පිණිවැස්සට
මග ඇහුරූ
නෙකමල් සුවඳ තනි නොතනිය තුරන් කෙරූ
නව දිනයකට පායනවිට රුවින් හිරූ
තරුමෙන් දිළිසුනා නෙතඟක් සුවෙන් පිරූ


නවසීලන්තයේ සිට

Photo credit: Reign Abarintos
View Poem