නිශ්ශංක දිද්දෙණිය

2024 ඔක්තෝබර් කලාපය

සුබ නැකතට රට අනුරට

බංකොලොත් කරන තරමට රටක් බින්දුවට
ඇද දමා පල්හැළිය මැතිවරණ කැලතුමට
එකක් හැර එකක් පාසා රට ම අගතියට
පාඩමක් ඉගැන් වූ මැතිවරණ අතීතෙට

සයක් සැත්තෑ වසර වූ කලක් ඉක්ම වන
තුනක් සීයට තිබුණු මතය ජන ක්ෂුද්‍ර වන
ගුණය තුදුසක් වුණේ කරකවා අතහරින
පෙරළියක් සිදු වීය ලක් දෙරණ විස්මවන

ජා.ජ.බ ය වීය ජේ.වී.පී.ය යහමගට
ආකල්ප ළෙන්ගතුව හැඩ ගැසී ජන හදට
දියසේන මාරුවිය නයු අනුර කුමරුන්ට
නව ඉරක් පෑයුවා වැනි වීය ලකඹරට
View Poem