ජයන්ති මැණිකේ අමරසිංහ ගොතටුව

2025 අප්‍රේල් කලාපය

ප්‍රේමයට පර්‍යාය සැන්දෑව

යන්න.......ඔබ
අකුටිල නොවන ප්‍රේමයත් සමඟ
මගේ හිත් ආකහෙන්
යන්නම .....යන්න ඔබ

ගොතමින්......මලිගිය මල් මාල
සැදෑකල නුබ සරන
ප්‍රේමයට පර්‍යාය
සුධවල බලා වැල.........

ඇවිත්....... කලුවර ගහේ මල් වාරෙ
මටම පමණක් දැනෙන
ප්‍රේමයට පර්‍යාය
නොයිඳුල් සුවඳ ගෙන.........

අහුරු පුරවා.......වපුරන කලුව මැඩ
ඉන්ද්‍ර දිග පීදෙනා
සැළමුතුම ප්‍රේමයට පර්‍යාය
නිකැළැල් සඳ එළිය

මොනතරම් පෙම්වත්ද? ඔබ නොමැති සැන්දෑව

කිසිම අහිතක් නොමැත
ඒත් යන්නම ....යන්න

කිසිවිටෙක හමුනොවෙන
මේඝයක් විලස ඔබ
මගේ හිත් ආකහෙන්
ඉතින් යන්නම.... යන්න
View Poem