රංජිත් ද සිල්වා - නවසීලන්තය

2021 මැයි කලාපය

පසළොස්වක සඳ ගිනි අරගෙන

(නවසිය) හැත්තෑවේ මැයි මාසේ
පසළොස්වක පෝය දවසේ
ඔබටත් මතකද මන්දා
සඳ පැයුවේ නිල් පාටින්
සඳ වටේට රතු පාටින්
වලල්ලක් ද දිස්වුණා

නිල් පැහැ ගත් සඳ කැලුමින්  - අලුත්ම මල් සිය ගනනක්
හැත්තෑ දශකය පුරාම - පිපි සුවඳ විසිරුනා
ජනසිත් ඒ මල් සුවඳින් - ඔකඳ වෙලා පිබිදුනා
සමහර ඒ මල් අදටත් - නොම පරවී - සුවඳ හමයි

(නවසිය) අසුව අනූව වෙද්දී
අර ලස්සන නිල්  පැහැ සඳ - වටේට වූ රතු වලල්ල
ගිනි අරගෙන සඳ දැවෙද්දී - සඳේ සිසිල ගිනියම්වි
රබර් ටයර් ගිනි ගත්තා - ඉන්ද්‍රකීලයන් ......
දඩස් ගාලා බිම වැටුනා

ගිනියම් වූ  සඳේ සිසිල - අදටත් නැහැ සිසිල් වුනේ
නිල් පාටින් පුර සඳ යලි - කවදා හෝ පායන දා

සතර දෙසින් සැළලිහිණින් - දියවන්නා  ඔය මහ මැදුරට
පියඹා  වී - විහඟ තුඩින් රැගෙන යමක්
ඒ ....
සඳෙස් කවක් නොව
කාලයක්ම වල් වැදී…….. අපෙන් සැඟවුණු .........
ස්වර්ණ වර්ණ වූ ..... නීතී පොතේ පිටුව බැගින්…

02 අප්‍රේල් 2021
View Poem