පසල් ගමක සිරි
නිලවන් ගොයමේ දිලිසෙන වැහි බිංදු
නියරේ පා නඟන ගොවි නෙත් සතුටු
දුවිලි පොදක් නැති සීතල සුළඟ
ඇවිදියි ගම වටා සුවයක් රැඟෙන
දක්කාගෙන හරක් රැල තණට
ඉහලාගෙන හබරල අත්තක් හිසට
සුලබයි මේ දසුන නිතරම ඇසට
ගම්මානේ වැසි වැටෙනා දිනට
අසලින් ගලන දොළ පාරත් නිසල
වැසි දිනයකට මදවේ සසල
එනමුත් නොකර ගම්මානේ ආකූල
නිහඬව සොයායයි සමුදුරු සිසිල
නියරේ පා නඟන ගොවි නෙත් සතුටු
දුවිලි පොදක් නැති සීතල සුළඟ
ඇවිදියි ගම වටා සුවයක් රැඟෙන
දක්කාගෙන හරක් රැල තණට
ඉහලාගෙන හබරල අත්තක් හිසට
සුලබයි මේ දසුන නිතරම ඇසට
ගම්මානේ වැසි වැටෙනා දිනට
අසලින් ගලන දොළ පාරත් නිසල
වැසි දිනයකට මදවේ සසල
එනමුත් නොකර ගම්මානේ ආකූල
නිහඬව සොයායයි සමුදුරු සිසිල