මහාචාර්ය ටී. එල්. ගුණරුවන්

2022 දෙසැම්බර් කලාපය

පලක් නැති වැයක් - මිලක් නැති අයක්

පලක් නැති වැයක් - මිලක් නැති අයක්
කලක් නැති රටක් - බලක් නැති හෙටක් ...!

නැහැ කිසිදු ඉවක් - අයවැයෙහි ඉඩක්
දුටුව බව මඟක් - රටට දෙන හැඩක්

පොළිය මත ණයක් - ගෙවන්නට අයක්
දැයෙ උරුම පෙළක් - විකුණන්න පොළක්

හැර මෙවැනි පෙතක් - වෙ ද, කවර මඟක්
අද අසන අයෙක් - එදා දෙසු කුමක් ?

විනිම කිසි දෙයක් - ජනනු බැරි යමක්
හැදෙත ගෙන ණයක් - වැසුණෙ කිම මුවක් ?

එකට හැකි වැඩක් - පහට කළ රටක්
ලොවට ණය මිසක් - වෙ ද, එයට හෙටක් ?

කී නමුදු නොවක් - ණය කඳෙහි බරක්
නැහැ එවක අයෙක් - යොමු කළෝ කණක් ...!!

ණයට ගෙන දැයක් - ලබත එහි සැපක්
නිදහසට තිතක් - වැටෙනු නැහැ සැකක්

විකුණු විට බිමක් - ලැබෙන මුත් අයක්
පුතුට නැති රටක් - වෙ ද කවර පලක් ?

ඉතුරුමට කැසක් - විනා දැයෙ කොණක්
බදු දෙන්න තැතක් - ගතොත් එය පවක්

හෙළ විරුන් ලෙයක් - පතිත පින් බිමක්
අහිමි කර හෙටක් - පියනු බැහැ නෙතක් ....!!!

2022 නොවැම්බර් 14
View Poem