ලලනී ගීකියනගේ - රත්නපුර

2025 ජුනි කලාපය

පතිනියකවූ මගෙ දුවට...!🌹🌹🌹💖💖💖

හිසේ කිරුළු නොදැරූ.. දිවි
පෙවෙතට....!
කුසේ ඉඩක් ලැබුනා.. පෙර
පිනකට....!
හිතේ මලක් පිපිලා... විල්
තෙරකට.....!
සෙනේ ගඟක් ගැලුවා
මගෙ දෝතට...!💖

වනේ පිපුන.. වන මල්
හරි සීතට.....!
ගෙනේ සුවඳ ..විහිදා
දුර ඈතට.....!
දැනේ මහද ...ඉතිරෙන
ගී මිහිරට....!
සෙනේ ගඟක් ගැලුවා
මගෙ දෝතට....!💖

සඳ වතුරෙන් නහවා ..
රැස් මිහිපිට...!
පිනි කඳුලින් දෝවා.. දුන්
සුරතට...!
විඳ සතුටින් ඔසවා.. ජය දද
පිට... !
සෙනේ ගඟක් ගැලුවා
මගෙ දෝතට....!💖

මද පවනින් සැලෙනා..
මල් ගොමුවට....!
වැද රඟනා විහඟුන් ...
හරි හරියට...!
සිඳ දොම්නස් සිත් ...
සතුටින් පේ කොට..!
සෙනේ ගඟක් ගැලුවා ..
මගෙ දෝතට...!💖

වැවේ කළල් දිය.. නොඇලී
දියපිට....!
සුවේ නෙළුම සුපිපී... හිනැහෙනකොට..!
දුවේ ! රුහිරු , කිරි වූ ...
අරුමයකට...!
සෙනේ ගඟක් ගැලුවා....
මගෙ දෝතට....!💖

බැඳ සුළැඟිලි රන් ..හූයෙන්
තදකොට..!
හද පුරවා දෙඅතට... පැන්
වත්කොට...!
පුද කරවා සත්.... පත්තිනි
මෑණිට....!
සෙනේ ගඟක් ගැලුවා
මගෙ දෝතට...!💖

හතර වරිගයම ..කැන්ඳා
එකවිට..!
නිතර කතා.. බත බුලතට
එක්කොට.. !
පවර ගුණය.. රන්ඳා බැඳි
සිත්යට...!
සෙනේ ගඟක් ගැලුවා
මගෙ දෝතට...!

එපා දුවේ.. හිරිකඩ
සේලය මට...!
කිරි කළ හත.. බිව් ණයට
හිලවුවට...!
" මමයි දුවට ණය.." භවය
පුරාවට....!
සෙනේ ගඟයි "දියණිය "
සැමදා මට...!💖💖💖

වනේ ගිජිඳු සේ ..රැකි
ආලයකට..!
ගෙනේ සතුට ..නිම්හිම්
නැතුවා මට.. !
දුවේ ! නුඹේ අයිතිය...
පවරා හෙට..!
කිරුළ පලඳවමි "පුතුනි!
නුඹේ ගෙට.!"

ආදරණීය අම්මා - ලලනී ගීකියනගේ.

රත්නපුර.
2025.05.28
View Poem