නොපතමී මිතුරු ඇසුරක් ඔබෙන්
දුක අසනු රිසි හදවතක්
දැන දැනම
ළඟ පාත ඇති බව
නොදන්නා ලෙසට සිටිමි මම
සාද ඇසුරට ඔහු සමග
හවසට ගොඩවන ගෙට
ඔබ ළඟත් කතාවක්
ඇති බව හැඟෙයි
කාට හෝ පවසනු පිණිස
බොහෝ බර සුසුම්
ඇති නමුත් සිරකරගෙන
නොපතමී උරහිසක්
රිදුම් දෙන හිස සතපන්න
මිතුරු ඇසුරක සුවය වුව
විටෙක වෙයි නපුරම
මිහිරී වුණත් රුදුරුයි
තහනම් ගහේ පල
දැන දැනම
ළඟ පාත ඇති බව
නොදන්නා ලෙසට සිටිමි මම
සාද ඇසුරට ඔහු සමග
හවසට ගොඩවන ගෙට
ඔබ ළඟත් කතාවක්
ඇති බව හැඟෙයි
කාට හෝ පවසනු පිණිස
බොහෝ බර සුසුම්
ඇති නමුත් සිරකරගෙන
නොපතමී උරහිසක්
රිදුම් දෙන හිස සතපන්න
මිතුරු ඇසුරක සුවය වුව
විටෙක වෙයි නපුරම
මිහිරී වුණත් රුදුරුයි
තහනම් ගහේ පල