එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

2023 ජනවාරි කලාපය

නොන්චි කෝලම

යනවිට - වයවයා හඬින් අණබෙර පෙන්නලා මගෙත් තුනු

උරමඬල රූසිරිත් මිහිබට මල්සරා වගේ

හැඩකොට - නළවලා උඹත් සිහිනිඟ ලෙළවලා ළමැද රන්කුඹු

දෙවඟනක් වගේ හිටියට තුරුණු සංදියේ

ලෝකෙට - කෝලමක් වෙලා නුඹ අද නොංචි නංගියේ



ගතරූ - සිරිත් වන වනා නුඹ අතගන්න ආ සැමට පිටුපා

ලංවුණා නුඹත් පෙම්බර බිරිඳ වී මගේ

ඉඳහිට - මෙලවුනා වුණත් ලිපගිනි දැල්වුණා නිතර දුක්ගිනි

ඉහිලුවේ නුඹත් පෙරකළ පවට නොංචියේ

ලෝකෙට - කෝලමක් වෙලා අපි අද නොංචි නංගියේ



සැමවිට - එල්ලිලා දෙතන දරුවන් ඉල්ලලා හඬන රන්කිරි

වේලිලා ගියේ අරගෙන රූසිරිත් උඹේ

වියපත් - මවක ලැම බලා හිනැහෙන අරුම දූපුතුන් අතහැර

මව්කිරි බීපු උන් ඉන්න රටකට යමුද නොංචියේ

ලෝකෙට - කෝලමක් වෙලා මොකටද ඉන්නෙ නංගියේ
View Poem