නෙළුම් පත රහත් වෙලා
මඩ ගොඩෙහි, මඩ ගඳෙහි
ගොබය සරු ජල මතෙහි
ඔබා ගෙන නිසසලව
දිරි දරයි පූදින්න
සැඟව සිට තුඹසකින් ඇදෙනා
සර්පයෙකු සේ ගුලි වෙමිනා
සුළං රැල්ලෙහි පැටලෙමිනා
හිරු වඩිනා දිශා සොයනා
කලබල නැත කිසිත්
උනුන් පරයා දුවන
උඩු ගං බලා වඩිනා
නෙළුම් පත දිග හැරුනා
අපිරිසිදු ජලයේ ඉපදුනද
කිසිදු ජල බිදක් නොරදන
නොම ඇලෙන - නොම ගැටෙන
ප්‍රභාශ්වර සිතැති සේ
නෙළුම් පත වී රහත්
Photo Credit; Nong
ගොබය සරු ජල මතෙහි
ඔබා ගෙන නිසසලව
දිරි දරයි පූදින්න
සැඟව සිට තුඹසකින් ඇදෙනා
සර්පයෙකු සේ ගුලි වෙමිනා
සුළං රැල්ලෙහි පැටලෙමිනා
හිරු වඩිනා දිශා සොයනා
කලබල නැත කිසිත්
උනුන් පරයා දුවන
උඩු ගං බලා වඩිනා
නෙළුම් පත දිග හැරුනා
අපිරිසිදු ජලයේ ඉපදුනද
කිසිදු ජල බිදක් නොරදන
නොම ඇලෙන - නොම ගැටෙන
ප්‍රභාශ්වර සිතැති සේ
නෙළුම් පත වී රහත්
Photo Credit; Nong