නුඹට කවි ගැයෙත්වා
උනා භවබිය සරා සඳ දැක පිපෙන සුවඳැති කුමුදු මල්
අම්බපාලිය වැන්නවුන් අප'තරත් වයනව මිණි මෙවුල්
කන්නගිය සේ බිඳී හදවත නොදැල්වූවට අග්නි දැල්
බිඳීලා ගිය දෙපලු හදවත් පණ පොවයි ලෝකෙට විසල්
සදා කාලෙට කුස රජුන් සේ කිරුළු නොම'ලන හිමි ළඟින්
මෙදා පතිනී සහක් ඇති හදවතට ආලේ අගුළුලන්
විදා දෑතම කිසිත් නොකියා කුවේණිය සේ නොම කරන්
පුදා වඳිනට සදිසි තනි මව් රජ කරා ඇගෙ දරු රුවන්
ඉසුරුමුණියේ ශිලා ගත වී සිය ගණන් වස් පෙම් කරත්
මෙදා භවයේ දිනක හමුවක් දරා ගත්තා ගැහැණු හිත්
පිපී සුවයේ හිනැහෙනා රත් උපුල් දෑඟිලි අග නැතත්
සුකෝමලියේ නුඹට සීගිරි ළඳුනටත් නැති කවි ගැයෙත්