ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

2025 මැයි කලාපය

නිස්සරණ

බෝ. මළුව. අමදිමි
සිත. එතැන. අතුරමි
තුන්. සුතුර. මතුරමි
රිදුම්. පිරිමැද. නිවෙමි

බෝ පතක හැඩ. බලමි
ඇගේ රුව ඉන්. දකිමි
යසෝදරා හිමි. අහිමි
මගෙ දුක නුඹට. කියම්

වංකගිරියෙහි. සරමි
ඇගෙ විලාපය. අසමි
සිත අරම වෙත. දෙමි
මම මටම. හමුවෙම්

බොහෝ දෙන හමුවුනෙමි
බොහෝ තැන් පසූකළෙමි
මග කෙටි බව දනිමි
නිස්සරණය වැළද ගමි
View Poem