නිවෙන මග
නිවනින් නිවෙන මග
මුල් පියවරකි මරණය
ආවා නම් යා යුතුය
කියා සබ්බං පහාය ගමනීය
නොවදින සංසුන් නින්දය
මෝහය ගිලීගිය සත්‍යය
බැරි උනත් අත් හැරිය ජීවිතය
දඬුවමක් නොවේ නවමගක ඇරඹුමය
කඳුළු කැට දෙකක ගැබ් උන
විලාපය බියකරුය නොකියවුන
මමත්වය මොහොතකින් අතහැර
නතර විය සිහින මංපෙත
එළියම දකිනු අරමුණ
නිරාත්මක ගමන මරණය
අත නොම හැරෙන අනිතය
නව ඇරඹුමක දොරමය
හුස්ම නොවැටෙන නැවතුම
නිරවුල් දොරක් විවරය
සන්සුන්ම උදානය
නිවනට ලඟය මරණය
මුල් පියවරකි මරණය
ආවා නම් යා යුතුය
කියා සබ්බං පහාය ගමනීය
නොවදින සංසුන් නින්දය
මෝහය ගිලීගිය සත්‍යය
බැරි උනත් අත් හැරිය ජීවිතය
දඬුවමක් නොවේ නවමගක ඇරඹුමය
කඳුළු කැට දෙකක ගැබ් උන
විලාපය බියකරුය නොකියවුන
මමත්වය මොහොතකින් අතහැර
නතර විය සිහින මංපෙත
එළියම දකිනු අරමුණ
නිරාත්මක ගමන මරණය
අත නොම හැරෙන අනිතය
නව ඇරඹුමක දොරමය
හුස්ම නොවැටෙන නැවතුම
නිරවුල් දොරක් විවරය
සන්සුන්ම උදානය
නිවනට ලඟය මරණය