නිරාමිශ වූ නැවතිල්ලක්??
ආයුෂ්මතුනි
හිතක් පුළුවන්ද
රකින්නට
යතුරු ලා කූඩුවක
රන් රිදී මුතු මැණික්
රකිනා අයුරින්
ආයුෂ්මතුනි
පැන ගියොත් ඒ කූඩුවෙන්
හිතකට පුළුවන්ද
නවතින්නට
කැමති තැනක
කැමති කාලෙක
එය එසේ ම වුවත්
විශ්වාසද
කැමති වෙයි කියලා
අද ඔය කැමති දෑට
එදා ඒ එතැන ඉන්නේ
අද මේ මෙතැන සිටිනා
ඔබ නොවන නිසා
එබැවින් ආයුෂ්මතුනි
සොයා යා යුතුයි නේද
විසිරෙනා සිතුවිලි වලට
නැවතිල්ලක්
නිරාමිශ වූ
සදාකාලික වු
නැවතිල්ලක්
හිතක් පුළුවන්ද
රකින්නට
යතුරු ලා කූඩුවක
රන් රිදී මුතු මැණික්
රකිනා අයුරින්
ආයුෂ්මතුනි
පැන ගියොත් ඒ කූඩුවෙන්
හිතකට පුළුවන්ද
නවතින්නට
කැමති තැනක
කැමති කාලෙක
එය එසේ ම වුවත්
විශ්වාසද
කැමති වෙයි කියලා
අද ඔය කැමති දෑට
එදා ඒ එතැන ඉන්නේ
අද මේ මෙතැන සිටිනා
ඔබ නොවන නිසා
එබැවින් ආයුෂ්මතුනි
සොයා යා යුතුයි නේද
විසිරෙනා සිතුවිලි වලට
නැවතිල්ලක්
නිරාමිශ වූ
සදාකාලික වු
නැවතිල්ලක්