ධම්මික ජයවර්ධන

2024 අගෝස්තු කලාපය

නදී ඕ තොම, නිසල

ගැල් පෙළ බඹර කැල
බොදුර ගොස් වෙහෙස
පැමිණ ඇත ගිමන් හල
සැඳා අඳුරැති නදී තෙර

වැල් කැඩී ඇති යහනෙක
සැතපෙයි සැඳා අදුර
මවමින් නොරිලතා රුව
යටලීයක් නැති පියසක

කෙඳුරුම් හඬකි, සක්වාලිහිණි
නදී තෙර තුරු හිස
පවක්කර නොමැතිද
ඇදී යයි පෙන ගොබ අහිමි සසර

බසක් නොම දන්නා
ආගිය තතුද නොදන්නා
මගියෙකි වෙහෙසුණු සිරුරක්තුල
සොයයි උණුහුම, නොම සිසිලස

නදී ඕතොම, නිසල
ගලා යයි නොසොයා සයුර
නමුදු සොයමින් ඇරඹුම
සිසිලැති ගිරි අරණ


ජුලි 01, 2024.
View Poem