නංගි පෙන්වා අක්කාව දීම...!
පිටරට වල ප්‍රචලිත "ඔන්ලයින්" මගින් බඩු ගැනීම...
මෙරටට ආවේ "කොරෝන කාලෙ"
තමයි අපෙ දැනීම...
එලියට යාමට නොහැකිව නිවසෙ සිරව කළ බැනීම...
ටිකකට නැවතුනෙ දේවල් ලැබුණු නිසයි; මගෙ මැනීම...
සමාජ ජාලා ඇසුරින් නොයෙක් ජාති බඩු පෙන්නා...
නිමාව ගැන හරි ඉහළින් වර්ණනාව
කුත් දෙන්නා...
පමා නැතිව නිවසකරා එවනා බව
පැවසෙන්නා...
මෙමා ඇතුළු කීදෙනෙක්ද නිතරම වගෙ රැවටෙන්නා...
"කුරිය කරල අප එවනව, බියවන්නට කිසිත් නැතේ..."
දිරිය අරං, ආසාවට ඉඩ
දීලා තෝර ගතේ...
පිරිය වඩන ලෙස සකසා
භාණ්ඩෙ අප අතට එතේ...
"මැරිය යුතුයි මුං" සිතෙන්නෙ
රැවටුන කල අනේ පුතේ...
අමාරුවෙං පාර්සලේ ලිහා බලපු කලදි අනේ...
දෙමා පියන් කියපු කතා ඇත්ත
කියා ඇඳෙයි මනේ...
තමා තෝර දීපු බඩුව කෙලෙස
ඉතිං වෙනස් වුනේ...
කමා කරනු කෙලෙස, මේව සහ ගහනා පාපමනේ...
එවන අයගෙ නමක් එහෙම පාර්සලේ ලියා නැතේ...
තියෙන අංකෙ දුරකතනේ ඇයිද දැම්මෙ කියා සිතේ...
කියන කලදි මේව මෙහෙම බොහොම තදිං රිදෙනු ඇතේ...
නිවන කරා යාවිද මුං, යන්නෙ ඉතිං නිරය වෙතේ...