දෙලොවක පිරිමි
අතීතයෙ ගම් දොරෙහි සිටි පිරිමි උන්දලා
අල බතල මඤ්ඤොක්කා කොස් පොලොස් බුදිනවා
තේ කහට කෝප්පය නැහැ අතෙහි වැරදිලා
දස මහා යෝධයන් සේ එදා දිස්වුනා
වැව් කෙතේ හැප්පිලා ගම් දනව් එක්කලා
තම පවුල, රට දැය ද පන සේම රකිනවා
ඉංගිරිසියක් නැතත් සුද්දන් ද පරදනා
ඒ පිරිමි නාමයට සැවොම ගරු කරනවා
ගමට ගියදාක මං කාලයක් වෙන්වෙලා
කඩපිලක සිටි තරුණ ගැටවු ටික දකිනවා
කිරි කහට කෝප්පෙට කෙටි කෑම එක්වෙලා
විහිලුවෙන් තහලුවෙන් වරුවක්ම ගත කළා
උදැල්ලට කැත්තකට නැහැ අතක් හුරුවෙලා
සයිකලේ නැග යන්නෙ නාටු ඇඟ පුප්පලා
දෙමාපිය සෝ සුසුම් පොත් මේස වෙළෙනවා
කොහේදෝ ලෝකයක ඔවුන් රඟපානවා
චයිනීස් කෑවාට නැහැ මොළේ වැඩිවෙලා
රටේ නැති ලෙඩ ගොඩක් ශරීරය වනසනා
කාලයත් සමඟ මේ අරුම දේ සිදුවෙනා
සිතන්නට යමක් මෙහි තිබෙන බව පේනවා
අල බතල මඤ්ඤොක්කා කොස් පොලොස් බුදිනවා
තේ කහට කෝප්පය නැහැ අතෙහි වැරදිලා
දස මහා යෝධයන් සේ එදා දිස්වුනා
වැව් කෙතේ හැප්පිලා ගම් දනව් එක්කලා
තම පවුල, රට දැය ද පන සේම රකිනවා
ඉංගිරිසියක් නැතත් සුද්දන් ද පරදනා
ඒ පිරිමි නාමයට සැවොම ගරු කරනවා
ගමට ගියදාක මං කාලයක් වෙන්වෙලා
කඩපිලක සිටි තරුණ ගැටවු ටික දකිනවා
කිරි කහට කෝප්පෙට කෙටි කෑම එක්වෙලා
විහිලුවෙන් තහලුවෙන් වරුවක්ම ගත කළා
උදැල්ලට කැත්තකට නැහැ අතක් හුරුවෙලා
සයිකලේ නැග යන්නෙ නාටු ඇඟ පුප්පලා
දෙමාපිය සෝ සුසුම් පොත් මේස වෙළෙනවා
කොහේදෝ ලෝකයක ඔවුන් රඟපානවා
චයිනීස් කෑවාට නැහැ මොළේ වැඩිවෙලා
රටේ නැති ලෙඩ ගොඩක් ශරීරය වනසනා
කාලයත් සමඟ මේ අරුම දේ සිදුවෙනා
සිතන්නට යමක් මෙහි තිබෙන බව පේනවා