අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2025 මාර්තු කලාපය

දෙමෝදරත් දැන් උමතු වෙලා

සේල පටක් සේ රූ මවලා
දුන්හිඳ හිත ළග නතර වුනා
නමුණුකුලය නව වරක් පුදා
සීතල සුළගක් සිසිල ගෙනා


ඔඩිසියේ, කැලිප්සෝ මැදිරි පුරා
පිරිස් ගලනවා හිත් උතුරා
පාලම යට පොරකන අය අතරේ
දෙමෝදරත් දැන් උමතු වෙලා


රාවණ ඇල්ලට පෙම් බැඳලා
සීතා කෝවිලේ පොල් ගහලා
ග්‍රෙගරි වැවට අද හඳ පායනවලු
මුහුණු පොතේ රූසර මවලා
View Poem