චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

2025 මාර්තු කලාපය

දෙපස බලමි

හැරී ඇත ඉර අවරට
රාත්‍රිය පේන මානේ
සෞම්‍ය සඳකිරණ නැහැවෙන
රාත්‍රිය වේ ද මනරම්

ගලා රන් කෙඳි රිකිලි පීරා
කැකුළු අග පිනි කඳුුළු පිස දා
උදාවුණ හිරු දැන් වියරුයි
මේ වෙහෙස කෙලෙස ඉවසම්

අනන්තය ලඟ අඹර
පාට සළු ඇඳ හැඩ වී
වනන්නේ අත කාට ද
නිශා කුමරිගෙ යහනට
හිඳින්නීී ඇය නිදිි වරා
වැළඳ ගන්න ද
ආඳරෙන් හිස අත ගා

30-11-23

Photo Credit; Ryan Hoffman
View Poem