දුරින් උන්නා මං
නිශා යාමේ සියපතක් වී
සැලෙන විට පීදිලා මල්මී
සෙනෙහෙ තැවරූ තුෂර බිඳ වී
වැතිර සිටියා මං
විසල් නුබ ගැබ පුරා හඳ වී
දිලෙනවිට සොමි කැළුම් විහිදා
පෙනෙන නොපෙනෙන ඉමක තනිවී
බලා උන්නා මං
ධවල පෑ පෙණකැටි විසුරුවා
ගඟුලක්ව නුඹ ගලා යන විට
ඉවුර අසබඩ නුඹට රහසින්
සිහිල වින්දා මං
ඉඳහිටක නුඹ යනෙන මග තොට
හුරු සුවඳ පැටලිලා මතකෙට
දුක පිරේ යැයි නුඹේ දෑසට
දුරින් උන්නා මං
සැලෙන විට පීදිලා මල්මී
සෙනෙහෙ තැවරූ තුෂර බිඳ වී
වැතිර සිටියා මං
විසල් නුබ ගැබ පුරා හඳ වී
දිලෙනවිට සොමි කැළුම් විහිදා
පෙනෙන නොපෙනෙන ඉමක තනිවී
බලා උන්නා මං
ධවල පෑ පෙණකැටි විසුරුවා
ගඟුලක්ව නුඹ ගලා යන විට
ඉවුර අසබඩ නුඹට රහසින්
සිහිල වින්දා මං
ඉඳහිටක නුඹ යනෙන මග තොට
හුරු සුවඳ පැටලිලා මතකෙට
දුක පිරේ යැයි නුඹේ දෑසට
දුරින් උන්නා මං