මොහන්දිරම් දයාරත්න බලංගොඩ

2025 ජුලි කලාපය

දුගිණි නිවමු.

මනුලොව ඉපදුම
විරල බව නිති සිතලම
දහමට නැඹුරුවම
සිටියයුතුවෙයි නිතරම.

ඇවිලෙන යුදගිණි
බලවතුනට මීපැණි
දිළිඳනට කුසගිණි
නිසා හටගයි හදගිණි.

හිරු දුටු උදයක
පිණිබිඳු දිලෙන විලසක
තිබෙන පණ කෙන්දක
කිමද සිත තණ්හාවක.

අපේ සිත් තුලට
පමා අදහස් එනවිට
නිමා නැති දුකකට
පත්වෙයි සසරෙ යනවිට.

ලොවෙහි සැමදෙනා
විවරව මෙතැස නිතිනා
සරු දෙය දැනගෙනා
දිවි ගතකෙරුමය මනා.

මුහන්දිරම් දයාරත්න
බලංගොඩ
View Poem