එම්.එම්.ඩී.මනම්පේරි බළන්ගොඩ

2025 අප්‍රේල් කලාපය

දිළෙන කඩුපුල් කැකුළකුත් ඇයි රෑ සඳට ආ වඩන්නේ

ගලක දිය ඇලි රිදී පැහැයෙන් විල් බලාමයි ඇදෙන්නේ
නැගෙන හිරු රැස් කරණ ගලලා තුසර මිණි කැට මවන්නේ
පැහෙන රන්වන් ගොයම් කරළින් සොම්නසයි හිත රැඳෙන්නේ
දකින දියදම් මවන් මෙතරම් කිමද විසිතුරු පුදන්නේ

පිපුණ වන මල් සුවඳ මඳනල සමඟ පෑහී හමන්නේ
රඟන මී මැසි රොන් සොයා'වද උදෑසන මේ සරන්නේ
ගයන විහඟුන් යොදා නෙක තනු තුරු හිසින් හිස රඟන්නේ
දිළෙන කඩුපුල් කැකුළකුත් ඇයි රෑ සඳට ආ වඩන්නේ
View Poem