ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2025 ජුනි කලාපය

දිනිඳු රැඟුම්

ඇත් හොඬ ලෙස අහස

දෙස බලන් ගල් කුල

ගුවන පිරිලා කළු හැඳ

මොරදෙන වලා කුල

හිරු සැඟවිලා ඈතට

නොයා ඉන්නව බල බල

දඟ යොවුන් සුරඟන

කිමද නැග කුල මුදුනට



රතු නිල් කහ පැහැති

සළු පිලි හැඳි අඟනු

බොඳවී හැලේ කඳුලැලි

බලනු විහඟුන් පියඹති

කළු ගල් කුළුණ උස

අහස සිඹිමින් සෙලවෙ ද

රැඟුම් නෙක පිනවති

ලොමු ඩැහැ ගනු ද වියහැකි



ගිගුරුම් හඬ ඇසෙන

මුදුන මත ගල් කුල

කිම ඇය රඟන්නේ

විදා මනරම් සළු පිල්

වැහි ළිහිණි පරයා

ඉහල පියඹති උකුසන්

රැඟුම් ගල් කුල මුදුනත

කළඹයි කුහුල් සිත
View Poem