එම්.කේ.අබේගුණවර්ධන

2025 අප්‍රේල් කලාපය

දාරක ප්‍රේමය

තනිව යන්නට
නොදෙයි සිත මට
මහණ දම ළඟ පෙනී පෙනී
සොඳුරු ඈතක මතක
අවුදින් සිතට වද දෙයි
තව තව නැඟි නැඟී.

නිමක් නැති
දාරක ප්‍රේමයෙන් සිත
යලි යලිත් නොදැනීම
බැඳි බැඳී
සසර ගනුදෙනු
නිම කරනු කෙලෙසද
කෙලෙස් මල ඇත
තව වෙලි වෙලී..

තව කොතෙක්
යා යුතුද නොදනිමි
සසරේ මේ හැටි
ගැලි ගැලී
දෙසූ දහමට නොවී
අවනත ආ දුරත්
දැන් නම් හොඳටම ඇතී

2025.2.28
View Poem