දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2024 ඔක්තෝබර් කලාපය

දරු පවුල් රකින්නෝ...!

ඔබෙ වත්තට ඇතුළු වෙලා කෑම සොයන එ යම් සතෙක්...
සැබෙවින් එය කරන්නෙ කුස ගින්න නිසයි, තරම් ඇතෙක්...
ගැබක් දරන මවක් වන්න පුලුවනි
එම නිසා කොතෙක් ...
සබඳ, ඔබට තරහ ගියත් ඉවසනු
ලෙස උතුම් පුතෙක්...

ගලක් ගසා එලවන කල තුවාල වී
ඇද වැටුනොත්...
මලක් වගේ රැකි පැටවුන් හට යන කල අප සිතුවොත්...
වලක් වන්න ඒ රුදු සිත් හැකි නොවේද මෙය දුටුවොත්...
පලක් වෙයිද කරනා මහ පින්කම් සිතලා බැලුවොත්...

දරු පවුලක් රකිනව ඇති කෑම සොයා කවා උනට...
සිරුරේ රුහිරය හරවා කිරට
පොවා එපැටවුනට...
මරු කැඳවන එකට වඩා යමක්
දීම සිතා පිනට...
පෙරුමන් පිරවුමක් නොවෙද
ලංවීමට අප නිවනට...
View Poem