කුමාරි විජයරත්න ලන්ඩනය

2022 දෙසැම්බර් කලාපය

දරුවන් දා නොරට නොයන්!!!

අසූ අටේ හරි ව්‍යසනයකි වූයේ
කෑම බීම අතමිට හැම හිග වූයේ
පුතු රැක ගන්න වෙන සරණක් නැති වූයේ
කිරි කදුළුත් ගෙන මැද පෙරදිගට ගියේ

වාසනාව සැපසම්පත් උරුම වුනා
අවුරුද්දකින් අප පවුලම එකතු වුනා
රට රට වල සුවයෙන් ජීවය ගෙවුනා
ඒ හැම අතර අසතුට පුතු ළග රැදුනා

වසර තිහට වැඩියෙන් ගෙවුනත් පුතුට
තාමත් යදිනවා නොලැබුන සෙනෙහෙ කැට
අවුරුදු දෙකේ කිරි දරුවා එයි පෙරට
තේරුම් ගියේ ළගදියි මේ දෙය මෙමට

නොකා නොබී මැරුණත් හැම දෙන එකට
සුර සැප පතා නොපෙනෙන මතු ලෝකයට
සිතුනත් මෙයයි හරි විසදුම ලැබු අතට
යන්න එපා දරැවන් හැර පිට රටට
View Poem