ලයනල් ගමගේ ඌරුමුත්ත

2025 පෙබරවාරි කලාපය

දයාවතී

පනාව හිස හැඩ කරනා
හිනාව හිත වැඩ කරනා
මනාව ගත සළු එලනා
දයාවතී නුඹ අගනා

ලතාව නුඹෙ හිත බැඳෙනා
කලාව නුඹ මත තිබෙනා
කතාව මී රස ගෙනෙනා
දයාවතී නුඹ අගනා

දිශාව පෙර දෙස බලනා
සුමාන ගණනක් ගෙවුණා
නො ආව විට දුක හිතුණා
දයාවතී හිත රිදුණා

සොබාව දම් රස මවනා
ප්‍රභාව නුඹ ළඟ තිබුණා
නිදා තුරුලෙ ඇස ඇරුණා
විඩාව මගෙ සංසිඳුණා
View Poem