දම් අමා ගඟ ගලා මිහින්තල සිරස..........
දම් අමා ගඟ ගලා මිහින්තල සිරස
දුම් නැගෙන කෙළෙස් ගිනි
නිවී ගිය දවස
ගිම් නිවා සඳ දිලුන
තරු පිරුණ අහස
අම්බ වනයෙන් තෙමුණි
සංසාර පවස
අමා සිහිලැල් මඟකි
දුර ඈත පේන
පමාවීමක් නොමැත
පල දරයි හීන
නිමාවක් දකින ලෙස
වසා භව වාන
දමා දුනු හී නැවුණි
තිස්ස රජිදාන
මුවන් ලුහුබැඳ කුමට
මිරිගුවක සේයා
නුවන් යුග වසාගත්
බිම්බරක් මායා
සවන් පත් අරි මඟය
කුළුපගම නෑයා
ගුවන්තල පැහැබරය
පොසොන් සඳ පායා
සුළු ඇතුන් පද වුවම්
පළමු දෙසු සුතුර
මුළු දියත සිලිලවී
ගැලු අමා වතුර
නළු වෙසින් ආ කෙළෙස්
මර සෙනඟ දුරැර
සිළුමිණක් වී නැගුණි
රන් මාලි වෙහෙර
බැදී වැව් නිල් සළුව
කෙතකි සිරි සාර
රැදී සිප් කලාවේ
පෙනුණි නිසි පාර
මිදී භව අනතුරෙන්
ලබා දම් මීර
හුදී ජන සුදු සිල් ය
පෝය අතනෑර
සීගිරිය කලාවැව විස්මිතය නිමාවන්
පහන අඩසඳ පලුව
කැටයමක සොබාවන්
වෙහෙර මහ පෙති පිළිම
දැවෙන සිත් නිවාදුන්
මිහින්තල පුරාවත
රටට වාසනාවන්
දුම් නැගෙන කෙළෙස් ගිනි
නිවී ගිය දවස
ගිම් නිවා සඳ දිලුන
තරු පිරුණ අහස
අම්බ වනයෙන් තෙමුණි
සංසාර පවස
අමා සිහිලැල් මඟකි
දුර ඈත පේන
පමාවීමක් නොමැත
පල දරයි හීන
නිමාවක් දකින ලෙස
වසා භව වාන
දමා දුනු හී නැවුණි
තිස්ස රජිදාන
මුවන් ලුහුබැඳ කුමට
මිරිගුවක සේයා
නුවන් යුග වසාගත්
බිම්බරක් මායා
සවන් පත් අරි මඟය
කුළුපගම නෑයා
ගුවන්තල පැහැබරය
පොසොන් සඳ පායා
සුළු ඇතුන් පද වුවම්
පළමු දෙසු සුතුර
මුළු දියත සිලිලවී
ගැලු අමා වතුර
නළු වෙසින් ආ කෙළෙස්
මර සෙනඟ දුරැර
සිළුමිණක් වී නැගුණි
රන් මාලි වෙහෙර
බැදී වැව් නිල් සළුව
කෙතකි සිරි සාර
රැදී සිප් කලාවේ
පෙනුණි නිසි පාර
මිදී භව අනතුරෙන්
ලබා දම් මීර
හුදී ජන සුදු සිල් ය
පෝය අතනෑර
සීගිරිය කලාවැව විස්මිතය නිමාවන්
පහන අඩසඳ පලුව
කැටයමක සොබාවන්
වෙහෙර මහ පෙති පිළිම
දැවෙන සිත් නිවාදුන්
මිහින්තල පුරාවත
රටට වාසනාවන්