දනිමි හැදින්නෙමි
සීතල පිණිකැට ඉසිරී විසිරී පරිශරයම සුන්දර වීලා
අහසේ තරුකැට නොපෙනෙන ගාණයි දසතම මීදුම් පැතිරීලා
සිත විසිරී නැත අනියත ලෝ දම් පසක් වෙලා
දුක මිස සැප නැතිලොවම හැඳින්නෙමි ලෝකෙන් දුරස් වෙලා
අතිර නාම දම් මුල්කර සෑදුන කදු තරණය කර එතෙර වෙලා
තිලකුණු දැක දැක සිත සැනසුම වෙත ඇදී ගලා
කොතැනකවත් නැත මගේ කියන්නට කිසිවක් ලෝතුල පහලවෙලා
අල්ලා ගත් සැම දුකම සදයි සිත එනිසා සිටිනෙමු නොවී මුලා
හටගත් සැමදේ නිරුද්ධ වී යයි එය වේ ලෝ දහම
නැවත නැවත භව දුක් සාදනු ඇත සඟවා භවයෙ
ඉම
කුණප දරාගෙන ඒ යන ගමනේ කොතැනක වේදෝ සසර නිම
හැඳිනෙමි සසරක අරුත නැවත භව ගමනද කරමි නිම
හේතුව ඵල ලෙස සකක් විලාසෙන් භවයේ ගමන වෙලා
ඵලසම යලි හේතුවක් විලාසෙන් ඵලයන් සාදයි සසර වෙලා
තණ්හාවෙන් සැදි උපාදානයන් භව තව තව දුරස් කලා
උපාදාන බිඳ නිමා කරමු භව අවිදු අඳුරදෙන භව ජාලා
නන් පැහැ රූ ඇත, මිහිරි තෙපුල් ඇත ඇස කණ රවටාලා
මිහිරි ගන්ධයන් රසයන් නාසය දිව පිනවන'යුරු කරම මුලා
දැවටෙන පස ගත රාගය උපදා දැවුනා සසර සලා
දනිමි හැදින්නෙමි මරුගේ මෙවලම් බිඳ ඇත සසරම
කරන මුලා
කහටහස්දිගිලිය