මුදිතා ඩයස් කොට්ටාව

2024 ඔක්තෝබර් කලාපය

දන්නවද රත්තරනේ

ඔබ නැති නෙතු මානේ
සගවා හසරැලි මුහුනේ
හඩන තරම් සිත මාගේ
ඉවසාන පපු ගැඹරේ
ඉන්නට කීවත් රහසේ
ඔබ නැති මගෙ ලෝකේ
ඉන්නද මං කෙලෙසේ
ඉරෙන රිදුම් එයි පපුවේ
අකුණු කොටයි හිටි හැටියේ
සසර පුරුදු සුවදයි සෙව්වේ
ඔබ මා ලග නැති වේලේ
View Poem