කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

2025 ජුනි කලාපය

දඬුමොණරේ නැග ගියාද?

'සිරි මැදුර' ම සුවඳ කෙරූ ඈ මලකී
'අකල් වැස්ස' වෙත දිය දුන් වලාවකී
'නිධානය' ට පහළ ව සිටි නිධානෙකී
රිදී තිරය එකළු කෙරූ පුන්සඳකී

'වසන්තයේ දවසක' දී 'බඹරු ඇවිත්'
'යස ඉසුරු' ය ඔබ දුන්නේ විටෙක ඇවිත්
දඬු මොණරේ නැග ගියා ද මෙරට ඇවිත්
කුසුමක් සේ ආකාසය එවිට රකිත්
View Poem