ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

2024 අගෝස්තු කලාපය

දඩබ්බර රස්තියාදුකාර කවියෙක්

"ඉගෙනුමද අඩාලව ගිය රස්තියාදුකාර
මා ප්‍රිය මිතුරු කවියෙකි ඉතා දඩබ්බර"
කා සමග හෝ ඔබ කියනු මතකය

පෙර දිනෙක උදෑසනින් මවෙත අවුත්
තිලින කළ උද්භිද විද්‍යා සටහන් පොත්
අපූරු කවි සිතිවිලි මවයි

සැඟව උන් රන්වන් ලා දල්ලක් විනිවිද
දෑතේ දුවන හරිත වන් සිහින් නහර වැල්ද
මුව මඳහසද දැක මහද තිලැස්සුනි

සදාතනික සිහිවටන ලෙස හරිත පත් වල
තැන්පත්ව ඇති වියැලුන නෙක දළු කොල
අතර මසිතද සිර කර දමමි රහසින්

එක ගසක පත් සේ අප යළිත් ඉපදුනත්
සතුට සෝකය උතුරා යන දෙනෙතින් යුත්
සොයුරියක්- මිතුරියක් දකිනු රිසියෙමි

* Ficus Leaf - A. Ayyappan (Kerala poet) ඇසුරින්
View Poem