නීතීඥ වසන්ත තෙන්නකෝන් - ලන්ඩනය

2021 ජනවාරි කලාපය

තෙනා ගේ කවිය

<em>කවියක් එවන්නැයි ආරාධනා කල විට වසන්ත තෙන්නකෝන් මිතුරා වට්ස්ඇප් මඟින් කවියක් එවීය.</em>

විල්සන් හෑගොඩ අතකස සරසවිය
තෝතැන්නක් වීය වැනුමට කවි අවිය
මාපිය උරුමෙනුත් ලද කවි බල සවිය
සමඟින් අනුර වපුරයි ලන්ඩන් කවිය

<em>එහි මගේ නම සඳහන් වූ බැවින් ඔහුට උත්තරයක් ලියා යැවීමි</em>

තෙන්නෙ ගෙ කවිය නම් හොඳ හැටියට රසය
වැඩියෙන් මගේ නම දැමු විට එය වසය
ඔබ සතු වී තිබේ හොඳ කවියට බසය
එවනුය කවි දෙකක් ලැබුණොත් සිත තොසය

<em>ඔහු එයට උත්තරයක් එවීය </em>

ඔබ නම පළ වුණේ එක කවි පදයකය
විල්සන් හෑගොඩ නාමය ලොව සතුය
ඔහුගෙන් පදුල වූ කවියන් දස අතය
ඔබ ඉන් එකෙකු මිස එබැවින් නොම වසය

<em>මෙය පළ කරණ බව වසන්ත දන්නේ නැත.</em>

20-12-2020
View Poem