ලයනල් ගමගේ ඌරුමුත්ත

2023 අගෝස්තු කලාපය

තුත්තිරි

තුරුණු මලට කිරි වැදුන ම
රෙද්ද පුරා ඇලී
අපිත් එක්ක යන එන කොට
තණ යහනක ලගී
ඒ යහනේ නිදි සුව විඳ
අහස බලන් වැඩී
සුවඳ නො මැති හැඩ විකසිත
පොඩි මල තුත්තිරී

හිරු කුමරුට ආල බඳී
සුවඳ නෙලුම් මල
අත්තක නැග සුවඳ විදී
රුක් අත්තන මල
රෑ පානේ සුදු පොරවා
එන කඩුපුල් මල
මේ හැම මල් විඳින සුවය
නැති තුත්තිරි මල
View Poem