තාත්තා
නොපෙනෙන ඈතක දෑස යොමාගෙන
ඉමක් තන්නට වෙහෙස දරාගෙන
හිනැහුනා අදත් හීන් බිම්මල්
ඉරටත් පෙර ඉර ඇහැරවාගෙන....
හීන පොදි බැද සුසුමින් වසා කර ගැට
රහස් කියා කහට කෝප්පෙට
සිරි පතුල් වදිනා මහ ගිරි දඹ තරනෙට
මග සදයි.....දූලි පොදත් දෑතින් විසිරවාගෙන...
නැතත් ලය දිය කරන්නට එරී
කල සතක් කිරෙන් පිරී යන
කුසෙන් නොදැරුවත් ලයෙන් දැරූ විලි බර
පමා කලේ.....මතු බුදු බවයි සසර බැදී යන...
අප්පච්චි ලා...ලොව හිනැහෙන තුරු
බුදුන් දැක්කා වාගෙයි හැම උදෑසන.....
ඉමක් තන්නට වෙහෙස දරාගෙන
හිනැහුනා අදත් හීන් බිම්මල්
ඉරටත් පෙර ඉර ඇහැරවාගෙන....
හීන පොදි බැද සුසුමින් වසා කර ගැට
රහස් කියා කහට කෝප්පෙට
සිරි පතුල් වදිනා මහ ගිරි දඹ තරනෙට
මග සදයි.....දූලි පොදත් දෑතින් විසිරවාගෙන...
නැතත් ලය දිය කරන්නට එරී
කල සතක් කිරෙන් පිරී යන
කුසෙන් නොදැරුවත් ලයෙන් දැරූ විලි බර
පමා කලේ.....මතු බුදු බවයි සසර බැදී යන...
අප්පච්චි ලා...ලොව හිනැහෙන තුරු
බුදුන් දැක්කා වාගෙයි හැම උදෑසන.....