බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

2024 ඔක්තෝබර් කලාපය

තහංචිම ද?

අඩියට දෙකට
රෝහල් වාට්ටුවට
පියවර ඈතින් ඈතට
තැබුවමුත් හනි හනිකට
කවදාවත් නො දැනුණ විලසට
ඇසෙයි මට බිත්ති පුරා නැඟෙන
පාළු මූසල අඳෝනාවක් සවනට...

වෙනදා නැති ලෙසට
පා පැටළුණත් හිතේ බරට
දිව ආමි ඒ රුව දකින්ට
සිත් කොනේ පූදින පෙමට...

සුපුරුදු විලසට
"Good Morning ඩොක්ටර්!"
කියූවක් ඇසුණත් හතරවට
තොල කට වියළී ඇත නොදැනිව ම මට
හිස් වූයෙන් ඇගේ සයනය නුපුරුදු ලෙසට...

"කෝ මේ පේෂන්ට් ?
මාරු කළා ද වෙන තැනකට ?
ඇයි බෙඩ් එකේ රෙදි මාරු කරන්නේ?"

මටත් නොදැනිම මගේ ප්‍රශ්න වැල
හෙදියත් නොසන්සුන් කළ පුදුමය
අකුණු සැරකි ඇගේ වදන් පෙළ
ගිනිබත් කළේ ය මගේ ළයම...

"ඒ පේෂන්ට් නැති වුණා ⁣ඩොක්ටර්.
එක පාරටම හුස්ම ගන්න බැරිව දැගළුවා පැය භාගයක්"

ඇත්තටම බර වැඩි වුණි ද?
ඉහිලුම් නොදුණි ද?
අතරමං වූ නුඹේ මාවතට
ඉදින්,
තව ප්‍රේමයක් තහංචිම ද?
--------------------------------
බී.පවිත්‍රා අංජලී ලීලාරත්න
2024/09/20
View Poem