පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2021 අගෝස්තු කලාපය

තව ඇසේ මට

දෙපා අඩපණ මහළු ගල්පර
සයුරෙ අසිරිය තවම විඳ විඳ
අසා එහි දුක් අඳෝනා ස්වර
කඳුළු වගුරයි යටින් දිය කඳ

කැකුළු ගල් මල් ඇස් පියාගෙන
බියෙන් පැමිණෙන තක්සලාවට
එහා පුරයේ පාසි බැඳි තැන
තිබුණි මුතු මල් ගිලින මෝ කට

පසුම්බිය හෙමි හෙමින් සොලවා
රන් කාසි පා දුගී මසුනට
දියෙහි ඇඳි ඉරි ගලව ගලවා
හුවමාරුවක යෙදෙයි හැමවිට

දිය නහර නිර්වින්දනය කර
කාම ආතුර නපුරු සතුනට
අදත් බිලි වී සොවින් ගී සර
ගයන ගල්පර තව ඇසේ මට...
View Poem