සපුමල් බන්ඩාර - ලන්ඩනය

2024 අගෝස්තු කලාපය

තරග බිම.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
ඒයන ගමනට පිංකර ගන්නේ
ලැබුවද නෙත්මිනි දහසක දසුනේ
නිවන දකින්නට අපහට නොමවේ

මා රැකගන්නට සතුදේ ඇතිවේ
දිවිය ගෙවන්නට කාබී සුවසේ
ඔහු සතු මාහට නැතිදේ පෙනුනේ
එතැනින් දුවනා තරගය ඇරඹේ

ලෝකය සිසරා විසිතුරු දසුනේ
ගෙනැවිත් අත්ලට අතහරි නිසිසේ
සතුකර ගන්නට යුතුබව කියදේ
තරගය අපබව අපහට නොදැනේ
View Poem