රංජිත් ද සිල්වා - නවසීලන්තය

2025 අප්‍රේල් කලාපය

තනි සිග්නල් කණුව

කොළඹ දෙසට තනි සිග්නල් කණුව ලඟ
තිබු ඒ පුංචි ගෙය ගිනි දලු හා සුලඟ
අහසට නැගුනුදා ඒ ගැලු කඳුළු ගඟ
ගිනි ගත් දේශයක් නිවුමට කෙරේ රඟ

වියරුව ආ එවුන් ඒ ගෙය ගිනිලන්ට
රතන සූත්‍රය තැබුවා පඳුර යට
ගිනි දලු නැගෙනවිට සුළඟේ දිශාවට
සිග්නල් කණුව හැඬුවා මදි නොකියන්ට

රජරට රැජින හිනෙහුන සිග්නල් කනුව
සිගරැට් ටොපිත් විකුණන්නට හඬ නැගුව
කමිසයෙ සාක්කුව සුසුමක හිර කෙරුව
යුගයකි එදා දෑසට කඳුළැලි ඉනුව

මෙතරම් රසට ලිපිනය නැහැ වෙන තැනක
හැන්සඩ් පොතෙත් සටහන්විය ළඟ දිනක
කොළඹ දෙසට තනි සිග්නල් (කණුව) ලිපිනයක
නල්ලච්චියත් රඳවමු රසපිරි කවි පෙලක
View Poem