අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2025 ජුලි කලාපය

තත්පර 30 ක්

පුවතක් - එයා ඉන්ඩියා යානය ගුවන් ගතවී තත්පර 30 කින් විනාශයි.

තත්පර තිහක් කොයි තරමක් දිග වෙයිද
යානයෙ හිටි අයගෙ පැතුමන් කොහි ගියෙද
දෙසිය ගණනකගෙ සිතුවිලි නතර විද
කාගේ වුණත් ජීවිත මෙච්චර කෙටිද

සමහරු ගියේ නව ජීවිත ගමන් වෙත
තව අය ගියේ පොදි බැදගෙන රස මතක
මිහිකත අතැර නගිනා කළ ගුවන වෙත
කිසිවෙක් සිතුවේද වේයැයි මේ විපත

එක් රැස් කලත් හැම දේ වැඩි වැඩි බරට
ගෙනයනවාද එක මල්ලක් වත් මිටට
සිතුවිලි වලට වැඩි වේගෙන් යන මරුට
වාගෙයි දිවිය තණ අග රැදි පිණි ලෙසට
View Poem