දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2022 පෙබරවාරි කලාපය

තටු ලැබුණත්...!

නොදත් කමට පොඩි සන්දියෙ
විහඟකු වීමට...
එදත් තිබුණෙ මයෙ කැමැත්ත,
පියඹා යෑමට...
කදත් බැඳං උන්නෙ මෙමා
රචනා ලීමට...
හඳත් අල්ලමියි ලිව්වේ
දුන් තේමාවට...

නෙක නෙක පාටින් දිදුලන
තටු විදහාගෙන...
සැක නැතිවම හරිම තුටින්
කිචි බිචි ගාගන...
එක වර යාමට හැකි නෙව
කැමතිම වූතැන...
දුක හිතුනේ මා එලෙසට
නොමවුනි; ඒ ගැන...

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
මා, දැනගති...
විහඟුන් වන්නේ පවකටමයි
ඒ කරඇති...
දහමට අනුවම නම් උන්
හැමදා පුරවති...
තහනම් පවු, නොදැනම පරපණ
නස නස යති...

ගොදුරු කරන් කුඩා සතුන්
කුස පුරවා ගෙන...
නපුරු දෙයකි , උන්හට ගැල
වීමක් නැති තැන...
සොඳුරු ලෙසින් අප දුටුවත්
පව රැස් කරමින...
අඳුරු දෙසටමයි යන්නේ සිතා
බලනු මැන...
View Poem