ජීවිතය නැවතිලා......
දුරට වෙන්නට පාළු අහසේ වළා කැටියක් තනි වෙලා
වහින විට කළු රකුසු වෙස් ගෙන මගේ නෙතු යුග බිය කළා
හිරුත් සමඟින් එකතු වී හිඳ නොයෙක් වර්නෙන් හැඩ වෙලා
විටින් විට වෙනසකින් සැරසෙන නුඹගේ ගති මට සිහි කළා
වසත් සමයේ හරිත කොළයෙන් මහා ගස් වැල් හැඩ වුණා
එවන් කොළ නෙක වර්ණ ගැන්වී සරතයේ බිම වැතිරුනා
ඉපල් වූ ගස් මහා දුකකින් නග්න වී මුළු ගැන්වුණා
නුඹේ ආලෙත් මෙලෙස වී මා දිනෙන් දින අසරණ වුණා
මුහුදු වෙරළේ තබපු පා සටහනක කිසිදා රැඳෙනු නෑ
රලක් බිඳිලා විසිර ගිය කල නැවත ඒ රළ සොයනු නෑ
එලෙස අපෙ ආදරෙත් කිසියම් මතකයක් ඔබෙ සිතෙහි නෑ
එදා සිත් පිරි සොඳුරු සිතිවිලි ආයේ කිසිදා නැඟෙනු නෑ
ඉරෙන් එළියක් ගත් නමුඳු සඳු සහන් එළියක් විහිදුවා
තරුත් සමඟින් එකතු වී මුළු ගඟන තලයම බැබළුවා
එහෙත් සඳ යැයි සිතූ ඔබ හිරුටත් වඩා සැර පතුරුවා
මගේ දිවියම දවාලූවා තවත් හිරු දහසක් මවා
ඉතිං කාහට පවසම්ද මම ආපු නුඹ ආපහු ගියා
මධු විතෙන් පිරි බෝතලය පමණක්ම තනියට ළඟ තියා
වරද කාගෙද කුමක් සිදුවිද සොයා තේරුම් නැති නියා
මෙලෙස මත්වී තනිව ඉමි අද ජීවිතේ සින්නව ගියා